අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව වාර්තාවෙයි.
ඒ අනුව ඔහු ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මවුබිම ජනතා පක්ෂයට එක්වීමට නියමිත බව දැනගන්නට ඇත.
ඉදිරි මැතිවරණයකදී ඔහු එය නව එම පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ වැදීමට සූදානමින් සිටින බවද පැවසෙයි.
මේ වන විටත් ඔහු ඊට අදාළව දිස්ත්‍රික්කයේ මහජන හමුවල අදහස් පල කරමින් සිටියි.
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවර තේරී පත් වූ මන්ත්‍රීවරයා මෑතක දී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් නව දේශපාලන ව්‍යාපාරයක් අරඹන බව කියා සිටියේය.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් වාහනයට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබේ.
අනුරාධපුර පොලිසිය සඳහන් කරන්නේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ඔහුගේ පියාගේ නිවස අසලදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
ඉන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවෙකුට අනතුරක් සිදුවී නැත.
මන්ත්‍රීවරයාගේ වාහනය පසුපසින් පැමිණි වෑන් රියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය කියා සිටී.