වැලේ වැල් නැති විමල්ගේ බිම වැටුන හෙලිකොප්ටරයට පණ දෙන්න යන පණගිය ඩලස්ගේ අලුත්ම කුමන්ත්‍රණය එලියට..!

ඩලස් අලහප්පෙරුම යනු ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ මැතිවරණයක් පරාජය වූ පසුව විදේශගත වූ සුවිශේෂි පරාජිතයෙක් බව බව ඔබ දන්නවද..?

වසර 2000 දී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය කාල සමයේදී පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලත් පරාජයත් සමඟ දේශපාලනයෙන් සමුගෙන විදේශ ගතවු ඩලස් අලහප්පෙරුම නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වර්ෂ 2004 ජනාධිපතිවරණ කාල සමයේදී යය.

වසර 2001 දී සෘණ ආර්ථිකයක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාව වසර කිහිපයක් තුළ නැවත ආර්ථික වශයෙන් ස්ථාවර කර තිබූ මොහොතක වික්‍රමසිංහ පරාජය කර රාජපක්ෂලාට බලය අරන් දීමට කඩේ යන කොල්ලෙක් ලෙස ඩලස් අලහප්පෙරුම නැවත දේශපාලනයට අවතීර්ණ විය.

වැඩක් කරනවට වඩා කකුලෙන් ඇද වැඩ වලට බාධා කිරීම තමන්ගේ ආදායම් මාර්ගය කරගත් ඩලස් 2005දී රාජපක්ෂලා බලයට ගෙන ඒමට තම දායකත්වය ලබා දුන්නේය.

2005 දී බලය ලබාගත් රාජපක්ෂලා නිසා ශ්‍රි ලංකාව ආර්ථික වශයෙන් රට බිමට සමතලා කර සමස්ත ලෝකයෙන්ම හුදකලා කරගෙන තනි වි සිටි මොහොතක 2015දී මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපති ධුරයට පත්වූයේ මුළු රටම අරාජික තත්ත්වයට ගමන් කරමින් සිටි මොහොතකය.

අද නාමල් බේබිලා නින්දෙන් නැගිටලා මෙන් කටමැත දෙඩුවද සත්‍යය කතාව නම් රාජපක්ෂලා ඒ් මොහොතේ රට ආර්ථික වශයෙන් රට කාබාසිනියා කර අවසන්ය..

රාජපක්ෂවරුන් විසින් බිඳ දමා තිබූ ආර්ථිකය ඉතා සීරුවෙන් ගොඩනැගෙමින් තිබූ මොහොතක කුමන්ත්‍රණ බිල්ලන් මැවීමට 2015 සිට ඩලස්ලා උත්සුක විය. බිල්ලන් පිට බිල්ලන් මවමින් රටේ සංවර්ධන කටයුතු බිඳ වැටීම සඳහා මහඟු දායකත්වයක් ලබාදුන් අලහප්පෙරුම 2019දී ගෝඨාභය බලයට ගෙන ඒමට ද විශාල දායකත්වයක් ලබා දුන් බව නොරහසකි.

ආර්ථික වශයෙන් රටක් ස්ථාවර වන මොහොතක රාජපක්ෂලාට බලය ලබාදීම තමන්ගේ රැකියාව කරගත් අලහප්පෙරුමලා මේ මොහොත වන විට රඟපාමින් සිටින්නේ අමුතුම ජවනිකාවකි..

මැක්කන්ගේ භූමිකාවට පණ පොවන විමල් ප්‍රමුඛ කණ්ඩායම අද අනාථ වී ඇති බව ඔබ අප කවුරුත් දන්නා සත්‍යයකි. මැක්කන්ගෙන් තොරව තනි දේශපාලන ස්ථාවරයක් ගොඩනඟා ගැනීමට තරම් බුද්ධියක් විමල්ට හෝ ඩලස්ට නොමැත.

අද වෙද්දී තමන් සමග සිටි මන්ත්‍රීවරුන් සියල්ල තමන් හැර ගොස් සිටින මොහොතක ඩලස් නැවතත් වාමවාදී විමුක්තිය උදෙසා සටන් වදින සෙබලෙකු ගේ භූමිකාව නිරූපණය කිරීමට උත්සාහ කළත් ජනතාව නම් ඔහුව කියවා ගෙන ඇත්තේ වැලේ වැල් නැති වූ ටාසන් කෙනෙක් ලෙසය.

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක සිහින දුටු ඩලස් අනතුරුව අගමැති සිහිනයට සිහිනයට පණ පොවන්නට උත්සාහ කලත් තමන්ගේ ඇති දුර්වලතාවයන් නිසාවෙන් දැන් ඩලස් උත්සාහ කරමින් සිටින්නේ නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වීමේ අභියෝගය ජය ගැනීමට ය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *