කලු අය සුදු කරන ආන්දෝලනාත්මක මෝල්ටාවේ අනුර ඉන්වෙස්ට්මන්ට් නමින් සමාගමක්…!

ශ්‍රි ලංකාවේ දේශපාලන පක්ෂවලින් වැඩිම අරමුදල තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට. එම අරමුදල සදහා මුදල් පරිත්‍යාග කල දායකවරු පිළිබඳ කිසිදු පැහැදිලි තොරතුරක් මේ දක්වා සමාජගත වී නැහැ.

කැට හොල්ලලා අරමුදල් හැදුවනං මේ රටේ කොටිපතියෝ හන්දිගානේ හිඟාකන යාචකයින්‍ වෙන්න ඕනෙ. මේ රටේ ධනපතියන්ගේ සුපිළිපන්නභාවය හොයන ජනතා විමුක්ති පෙරමුණ තමන් මුදල් හොයා ගත්තේ කොහොමද කියලා කියනවද ? නෑ. ඒවා අහද්දි වෝල් එකේ ෆේක්වලින් ඉත්තෑවෝ උඩ පහල යනවා.

මේ මුදල් විදේශීය රටක ආයෝජන කරලයි කියලා පෙරටුගාමී සහෝදරවරු කියනවා. පෙරටු සහෝදරයන්ට අනූව ආයෝජනය කරලා තියෙන්නෙ කලු සල්ලි සඟවන රටකයි. එහෙම බැලුවොත් ජනතා විමුක්ති පෙරමුණට අනුව ජවිපෙ විසින් කලු සල්ලි සුදු කිරිම ආයෝජන වන අතර වෙන අය සල්ලි දැම්මොත් ඒවා ජාවාරම් වෙන බව තමයි අපිට හිතන්න වෙන්නෙ.

දැන් මේ සල්ලි හංගලා තියෙන්නේ කොහෙද ? පෙරෙට්ටෝ කියන්නේ මොල්ටාවේ කියලයි. හැබැයි මනී මාකට් එකේ අය කියන්නෙ මේ සල්ලි හංගලා තිබෙන්නේ සොලමන් දූපත්වල කියලයි.

මොකක්ද මොල්ටාව කියන්නෙ ?

මෝල්ටාව නොහොත් මෝල්ටා ජනරජය කියන්නෙ ලක්ශ පහකවත් ජනගහණයක් නැති රාජ්‍යයක් (හරියට ජවිපෙ ඡන්ද පදනම වගේ).

හැබැයි මෝල්ටාවට තියෙන්නෙ ඇමරිකානු ඩොලර් බිලියන 30 ක ආර්ථිකයක් (ඒකත් හරියට ජවිපෙ බැංකු ගිණුම් වගේ).

ඉතාලියයි ලිබියාවයි අතර පිහිටලා තියන දූපත් පොකුරකින්, එකම එක දූපත් රාජ්‍යයක් තමයි මෝල්ටාව කියලා කියන්නෙ. මෝල්ටාවට ආවේණික ඔවුන්ගේම ජාතික භාශාවක් තිබුණත් ඔවුන් ඉංග්‍රීසි සහ ඉතාලි භාශාව හරි හරියට කතා කරනවා.

ක්‍රිස්තු පූර්ව 5,900 ගණන්වල ඉඳලා මෝල්ටාව ගැන එක එක කයි කතන්දර ලෝක ඉතිහාසයේ කියවෙනවා.

හර්ශාදී ලකුණ නොහොත් ඉරයි තිතයි කියලා ඉස්කෝලේ අපි හඳුන්වපු ලකුණට සමාන හැඩයක් ගත්ත මෝල්ටාව 1813 දි බ්‍රිතාන්‍යයන් විසින් බලහත්කාරයෙන් යටත් කරගන්නවා. 1964 වෙනකන් සුද්දන්ට කඹුරලා කඹුරලා අමාරුවෙන් නිදහස ලබාගත්තත් 1974 වෙනකනුත් තවත් අවුරුදු 10 ක් සුද්දො ඒ රට සූරා කනව. 1974 දි ජනරජයක් විදිහට වෙනම වෙන් වුනත්, කොමන්වෙල්ත්, යුනයිටඩ් නේශන්ස්, යුරෝපියන් යුනියන් වගේ දම්වැල්වලින් බැඳිලා තවමත් මෝල්ටාව මෝල්ලුන්ගේ පාලනයෙන් සහමුලින්ම නොමිදී තියන දූපතක්. ඔවුන්ගේ දූපතේ පැල කරපු දූපත් මානසිකත්වය නිසාම ඉස්සරහට එන පරම්පරාවලුත් යුරෝපය තමන්ගේ මුදුන් මුල හෝ මව් රාජ්යය විදිහට පිළිගන්න එකේ රාමුව යුරෝපය විසින් දැනටමත් සකස් කරලා අධ්‍යාපන ක්‍රමවේදයන්ට ඉන්ජෙක්ට් කරලා ඉවරයි.

මධ්‍යතන යුගයේදී අරාබි රටවල් විසින් පාලනය වෙච්ච මුස්ලිම් රාජ්‍යයක් වෙලා තිබුණත්, පසුව ක්‍රිස්තියානිකරණයට ලක්වුන මෝල්ටාව දැන් ජීවත් වෙන්නේ අතට අහුවෙන ඕන දෙයක් පිට රටට විකුණලයි. නමුත් ඔවුන්ගේ ජාතික ඇඳුම තවමත් පෙර පැවති ආගමික සංකල්පයන්ගෙන් සහමුලින්ම මිදිලා නැහැ.

ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තයෙන් යැපෙන මෝල්ටාවේ සමහර මිනිස්සු ඔවුන්ව හඳුන්වාගන්නේ, මධ්‍යධරණී මුහුදේ පිහිටි, යුරෝපයට වඩා උණුසුම් යුරෝපා රාජ්‍යයක් විදිහටයි.

එතකොට මොනවද සොලමන් දූපත් කියන්නෙ ?

ලක්ශ හයහමාරක ජනගහණයක් ඉන්න, ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් වගේ කුඩා ආර්ථිකයක් තියන දූපත් 06 කින් සමන්විත දූපත් රාජ්‍යයක් තමයි සොලමන් දූපත් කියන්නෙ. මෝල්ටාව තරම්ම සරු සාර ආර්ථිකයක් නොවන මෙන්න මේ කියන සොලමන් දූපත්වලත් ජවිපෙ සල්ලි හංගලා කියලත් මාකට් එකේ කතාව යන්නෙ.

කොහොම නමුත් යුරෝපයේ දූපතක් වන, මේ සුන්දර මෝල්ටා රාජ්‍යයේ 2016 අවුරුද්දේ අලුත් සමාගමක් ලියාපදිංචි වෙලා තියෙනවා.

සමාගමේ නම “අනුර ඉන්වෙස්ට්මන්ට්ස්” (Anura Investments)

සමාගම් අංකය – C 78853

2018 වසරේ මෝල්ටාවේ විදෙස් සංචිත එක්වරම ඉහළ ගිය ආයෝජනය පිටිපස්සෙ ඉන්නේ මේ සමාගම කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. අනුර ඉන්වෙස්ට්මන්ට් සමාගම ගැන තොරතුරු එංගලන්ත රජයේ අන්තර්ජාතික ව්‍යාපාර නාමාවලියෙත් තියෙනවා. Find My Company වගේ ලොව පිළිගත් ඔන්ලයින් අන්තර්ජාතික ව්‍යාපාර රෙජිස්ට්‍රිවලිනුත් ඔබට මේ සමාගම ගැන විස්තර අන්තර්ජාලයෙන් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.

ඒ කෙසේ වෙතත්, හැමදාම අනුන්ට ඇඟිලි දික් කර කර ඉඳලා, රජපක්ෂලගෙ හම්බවෙන්න ඉන්න ළමයින්ට අන්දන්න ඉන්න යට කලිසමේ පාටෙ ඉඳන් දැනගෙන හිටපු ජෙප්පො ඊබ්‍රාහිම් නානා තමන්ගෙ ලිස්ට් එකේ හිටපු බව දැනගෙන හිටියෙ නෑ. ඒ වගේම සමහරවිට මේ ගැන දැනගෙන ඉන්නත් නැතුව ඇති. මොකද අනුන්ගෙ ඒවා හොය හොයා යන ජෙප්පන්ට කොයින්ද තමන්ගෙ පක්ශෙ ඇතුළෙ වෙන දේවල් හොයන්න වෙලාවක්. එහෙම වෙලාවක් තිබුණනං ගෙවෙන දවසක් ගාණෙ තමන්ගෙ ඡන්ද පදනම බැහැලා යන විදිහවත් හොයාගන්න තිබුණනෙ… ඒත් ඒ ගැන කතා කළාම ජෙප්පො ඉන්නෙ ඔන්න ඔය පහළ පිංතූරෙ විදිහටයි 🤫😌

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *