කුමාරි මුණසිංහ..
ඔයාගේ සැමියා ඔයාට වටින නිසා මැෂිමෙ තියාගෙන හිටියට , ඒ වගේම ඉතාම වටිනා මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න හයිකරපු මැෂින් දවස් තුන හතරකින් පස්සේ ගෙදර අයටත් දැනුම් දීලා දොස්තරලා ගැලෙව්වා. හිත හදාගත්ත මිනිස්සු ඒ මැෂිමෙන් තව ජීවත් වෙන්න වෙර වීරිය දරන මිනිසුන්ට අවස්තාව දීලා අයින් වුනේ වෛද්‍යවරුන්ගේ කීමට අවනත වෙලා. මොළයක් මිය ගිය පසු කෙනෙක් මැෂිමෙන් කවදා වෙනක් ජීවත් වෙන්නද මංදා.
අනික ඔය කුමාරි වගේ තමන්ට තමන්ගේ ආදරණීයයන් වටිනවා කියමින් මැශිමෙන් ගලවන්න එපා කියලා සාමාන්‍ය මිනිහෙක් ඉල්ලීමක් කරලා දවස් 400 නෙවෙයි දවස් 5ක් වත් ඉන්න පුලුවන් වෙයිද. වැඩිම වුනොත් දවස් 30යි. එහෙම හැමෝම තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් ඉල්ලීමක් කලොත් …. මොනවගේ තත්වයක් උදා වෙයිද. මේ වගේ රටක මේ වගේ මැෂින් ටිකකට මේ වගේ මරණයට කැපවුන මිනිස්සු හයි කරගෙන හාස්කමින් සුවවෙනකං කොයිතරම් කාලයක් බලං ඉන්නද.
හැමෝම මේ මැෂන් එකට හයි කරපු බටය ගලවන්න කියන්නේ හිතකින් නෙවෙයි . හිත හදාගෙන. ඔබට ඒ තැනට එන්නට හිතන්නට බැරි වුනේ ජැක්සන්ව අතහැර යාමට ඇති අකමැත්ත නිසාද නැත්නම් ජනතාවගෙන් පලිගන්න තියෙන ආසාව නිසාදැයි මම දන්නේ නැහැ.
දවස් 400ක් කියලා අපි ගනන් බැලුවොත් දවස් 4ක් ගානේ එක රෝගියෙකුට වෙන් කලොත් රෝගීන් 100ගෙ අවස්ථාවක් තමයි මොලය මිය ගිය ජැක්සන් ගේ නාමයෙන් අරගෙන තියෙන්නේ. අඩුම ගානේ ඉන් රෝගීන් 20 වුනත් අද ජීවත් වෙන්න තිබ්බ අවස්තාව ඔහු බිලි අරගෙන. මේ විදිහට මේ අවස්තාව උදාහරණයකට අරගෙන කුමාරි වගේ, මැෂිමෙ හයි කරලා ඉන්න ජැක්සන් සනීපවෙලා ගෙදර එනකං බලන් ඉන්නවා වගේ එයාලාත් එයාලගේ ලෙඩා සුවපත් වෙනකං මැෂිමක තියාගන්න ඕන කිව්වොත් එයාලා ඒ දේ කරයිද? මහජන මුදලන් නඩත්තු වෙන රෝහලක ජනතාවගේ අයිතිය ගැනවත් අබමල් රේනුවකවත් නොහිතා මේ කරන වැඩෙන් ඔබ සහ ඔබගේ පවුලේ අය ගැන ඇතිවන ජනතා අප්‍රසාදය දවස ගානේ ජැසන් එක්කම වලදමමින් සිටිනවා.
මොළය මිය ගිය කෙනෙක් හාස්කමකින් සුව වෙනවා යයි හිතනවා නම් ඔබට ජැක්සන් ගෙදර ගෙනවිත් හෝ වෙනම පෞද්ගලික රෝහලක තබාගෙන ඒ වෙනුවෙන් කාලය මිඩංගු කලාට අපේ අකමැත්තක් නැත. රජයේ රෝහලක ඒ වෙනුවෙන් රෝගියෙකුට ඉඩ වෙන් කිරීම මොනතරම් සාධාරණදැයි ඔබගේ හදවතට තට්ටු කර අසන්න.
උපුටා ගැනීමක් Anusha Samaranayake