නැගෙනහිර පළාතේ කාබනික නිෂ්පාදන තත්ත්ව පරීක්ෂණාගාරයට පූර්ණ සහාය ලබාදීමට චීනය එකඟවී තිබේ.
ඒ අනුව ඊට අදාළ ගිවිසුම් ලබන මැයි මාසයේදී අත්සන් තැබීමට නියමිතය.
චීනයේ යුනෑන් පළාතේ විදේශ සබඳතා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මා සු ෂින් මහතා ඇතුළු චීන නියෝජිතයින් පිරිසක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (12) හමුවුණි.
ආණ්ඩුකාරවරියගේ සංකල්පයකට අනුව කාර්මික තාක්ෂණ ආයතනයේ මැදිහත්වීමෙන් පළමු වරට කන්තලේ ප්‍රදේශයේ ඉදිකෙරුණු කාබනික තත්ත්ව පරීක්ෂනාගාරය සඳහා චීනයේ යුනෑන් පළාතේ පූර්ණ සහයෝගය ලබාදීමට එහිදී එකඟවී තිබේ.
කාබනික නිෂ්පාදන තත්ත්ව පරීක්ෂණාගාරයේ බීජ පර්යේෂණවලට ජාත්‍යන්තර තත්ත්ව සහතිකයක් ලබාදීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
එවැනි ජාත්‍යන්තර මටටමේ තත්ත්ව සහතිකයක් ලබාදීමට හැකි පර්යේෂණාගාරයක් මෙරට ඉදිවන පළමු අවස්තාවද මෙය වේ.
ඊට අදාළව ගිවිසුම්ගතවීම යුනෑන් පළාතේ ආණ්ඩුකාරවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය විසින් ලබන මැයි මාසයේදී සිදුකිරීමට නියමිතය.
එම ගිවිසුමට අනුව පර්යේෂනාගාරයේ කටයුතු අදියර 2ක් යටතේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.