මැතිව්ස් නැවත එක්දින සංචිතයට

නවසීලන්තයේදී ලබන මාර්තු මස පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

‘එංගලන්ත ලයන්ස්’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දස්කම් දැක්වූ තරුණ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඇතුළු තරුණ ක්‍රීඩකයන් කීපදෙනෙක් ද එම සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බවත් සංචිතය නිල වශයෙන් හෙට පෙරවරුවේ නම් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *