මැ.කො ගැන මහජන නියෝජිතයන් පරීක්ෂා කළ යුතුයි

මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යභාරය නිසි පරිදි ඉටු කර තිබෙිදැයි පාර්ලිමේන්තුව සහ සියලු ජනතා නියෝජිතයන් වගකීමෙන් යුතුව පරීක්ෂා කර බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩ සටහනකට ඇතුලත් වීමට නොහැකි වුවහොත් කිසිම විදේශ රටක් සමග ගනුදෙනුවක් කිරීමට නොහැකි වීම නිසා සමස්ථ ව්‍යාපාර පද්ධතියම කඩා වැටිමට ඉඩ තිබෙන බවද අබෙිවර්ධන මහතා පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී  වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබෙිවර්ධන  මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ මත දරණ කිසිවෙකු විසින් හෝ පුද්ගලයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප යෝජනා ද ඉදිරිපත් කර නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලය පමණක් බවද අප මතක තබා ගත යුතුයි. 

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ එකඟතාවයක් ලද වහාම ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. එය ඉදිරිපත් කළ පසු ඕනෑම අයකුට එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමටද අයිතිය ඇත. එසේ අයිතිය තිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් නොකරන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකියි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *