පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද (14) පෙරවරු 10ට දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයින් අතර වි‍ශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර ‍එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබුණි.

මැතිවරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිමල්. ජී පුංචිහේවා මහතා සදහන් කළේ ඊයේ දිනයේදී ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බවය.

මැතිවරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිමල්.ජී පුංචිහේවා මහතා සදහන් කළේ අද උදෑසන පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සදහා රුපියල් මිලියන 461කට ආසන්න මුදලක් රජයේ මුද්‍රණාලය වෙත මැතිවරණ කොමිශන් සභාව විසින් ලබාදිය යුතුය.

රජය විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතනවලින් යම් සේවාවක් සැපයීමට පෙර ඊට අදාළ ගෙවීම් සිදුකළ යුතු බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වැයවන මුදල් ලබාදෙන තුරු ඒවා මුද්‍රණය කිරීමට නොහැකි බව මෙලෙස මුද්‍රණාලාධිපතිනිය මැතිවරණය කොමිසමට දැනුම් දී තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *