තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් කුණු කූඩෙට

(සුජිත් හේවාජුලිගේ සහ මහින්ද නිශ්ශික)

පළාත් පාලන මැතිවරණය සඳහා ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සංඛ්‍යාවෙන් 36,000 ක් විවිධ දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේපවී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසමට රුපියල් කෝටි දහයක මුදලක් ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.

පලාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද තම සේවා ස්ථානවලදී ලබන 22, 23 සහ 24 යන දිනවල සලකුණු කිරීමට හැකියාව ඇති බවත් යම් හෙයකින් එම දින තුනේදී තමන්ගේ ඡන්ද ඡන්දය සලකුණු කිරීමට නොහැකිවුවහොත් තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ලබන 19 වැනිදා සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදීම ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *