අපේ රටේ උරුමය නැති කරන්න බෑ.! – ජනපති රනිල්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වැනි වාර්ෂික නවම් මහා පෙරහැර ඊයේ (05) රාත්‍රී විථි සංචාරය කෙරුණි.

පෙරහැර වීථි සංචාරය කිරීම සඳහා සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සිදුකරනු ලැබීය.

උඩරට පහතරට සබරගමු නර්තනාංග රැසකින් මෙන්ම අලි ඇතුන්ගේන්ද මෙවර නවම් මහා පෙරහැර අලංකාරවත් කර තිබු බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය.

පෙරහැර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අද අපි ජීවත් වෙන්නේ අමාරු කාලක. ඒ කාලෙන් අපි ගොඩ එන්න බලන්නේ. ඒ කාලේ තුළදී අපි ගොඩ ඇවිල්ලා, පුද්ගලයෙක් හැටියට විතරක් නෙමෙයි රටත් ගොඩ ගන්න. එහෙනම් ඒ අවස්ථාවකදී අපේ රටේ උරුමය නැති කරන්න බැහැ. ඒ උරුමය අමතක කරන්න බැහැ. මේ උරුමයත් ආරක්ෂා කරගෙන අපි රට ගොඩගන්නයි ක්‍රියා කරන්නේ. ඒ නිසා මේ වසරේ විශේෂයෙන්ම 75 වන නිදහස් දිනය. නිදහස ලැබූ අවස්ථාවේ සංවත්සරයේ ඒ උරුමයන් ආරක්ෂා කරගනිමින් තමයි මේ පෙරහැරත් නිදහස් වෙනුවෙන් ඒ සංදර්ශනයත් පැවැත් වුයේ. එහෙනම් මේ අපේ රටට අයත් කොටසක් අපේම කොටස් ඒවා වෙන්කරන්න බැහැ. එහෙනම් ලංකාව ගැන හිතන අය ඒ විදිහට කතා කරන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම මේ පෙරහැර පැවැත්වීම අපිට සෙත් පැතීමක් විදිහට මම සලකනවා. මේ අමාරු කාලයේ අපිට සෙත් පැතීමක්.”

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *