ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 25කින්, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 15 කින්, දේශිය රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 10 කින් සහ පාන්පිටි කිලෝවක මිල රුපියල් 5 කින් අඩු කළ බවත් වියලි මිරිස් කිලෝවක් රුපියල් 1675 කට, ලොකු ළූණු කිලෝවක් රුපියල් 165 කට, දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 169 කට සහ පාන්පිටි කිලෝවක් රුපියල් 230 කට අද (2) සිට මිලදී ගත හැකි බවත් ලංකා සතොස පවසයි.
මේ අතර ඊයේ රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (1) රාත්‍රී නිවේදනය කළේය.
ඒ අනුව රුපියල් 370 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 400 ක් බවට පත්වන බවද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
සෙසු ඉන්ධනවල මිල නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.