පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහ ඊයේ සවස පැමිණියාය.

ඇය සමග දූත පිරිස ලෙස තවත් තිදෙනෙක් ඇතුළත් වූහ. ඇය ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් උත්සවයට ද සහභාගී වීමට නියමිතය.

ඇය පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *