රටම දුක් විදිද්දි විදුලිබල ලොක්කෝ සැප වාහන තොග ගණනින් අරං..!

ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරු වාහන තුනක් පමණ පාවිච්චි කරන්නේ යැයි පැමිණිළි ලැබී ඇති බවත් එම වාහන පරිහණය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කිරීමට කටයුතු කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

රට මුහුණ දී සිටින උග්‍ර අර්බුදකාරී තත්වය මත රාජ්‍ය වියදම් පිළිබඳ චක්‍රලේඛය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම අතිශයෙන් වැඳගත් බව ද කියන විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අමාත්‍යංශයේ එකඟතාව නොමැතිව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට සෘජුව ලිපි යොමු කිරීම නියමිත ක්‍රමවේදය නොවන්නේ යැයි එම අමාත්‍යංශයේ ලේකම්වරයා අවධාරණය කරන බව ද සඳහන් කරයි.  

කූලී පදනම මත ගෙන ඇති වාහන 1177 ක කූලී ගිවිසුම දීර්ඝ කිරීමට හෝ වෙනත් වාහන කූලී පදනම මත ගැනීමට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් විදුලිබල මණ්ඩලය අනුමැතිය ඉල්ලා යොමුකර ඇති ලිපියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන සහ ප්‍රසම්පාදන) එම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් එම ලිපිය යොමුකර තිබේ

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *