සැලකිලිමත් වන්න – පීඩන අවපාතය ගැන රතු නිවේදනයක්..!

ගොඩබිම ප්‍රදේශ, දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අද උදෑසන 10ට අදාළ නිවේදනය නිකුත් කර ඇති අතර, එය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ආසන්නව බටහිර දෙසට ගමන් කරමින් පවතින අතර, අද (01) උදෑසන 5.30ට මඩකලපුවට කිලෝමීටර 110ක් පමණ නැගෙනහිරට බරව ගිනිකොණ දෙසට වන්නට කේන්ද්‍රගතව පවතී.

එම පද්ධතිය බටහිරට බරව නිරිත දෙසට හැරී ගමන්කර අද නැගෙනහිර වෙරළ තීරය වෙත ගමන් කිරීමට ඉඩ ඇතැයි කාලගුණ රතු නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ හේතුවෙන් උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 150ක තද වැසි ඇති විය හැකිය.

කුරුණෑගල, මාතලේ, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *