පළාත් පාලන සහ සහකාර කොමසාරිස්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පළාත් පාලන කොමසාරිවරුන් සහ සහකාර කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

මැතිවරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, අද දිනයේ එම කැඳවීම සිදුකර ඇති බවය.

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර තිබේ.

ඡන්දය පැවැත්වෙන කාල සීමාව තුළ පළාත් පාලන ආයතන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන කොමසාරිවරුන් සහ සහකාර කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට නියමිතය.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා අවසර ලබාදෙනු ලබන නිරීක්ෂණ සංවිධාන සම්බන්ධයෙන් ලබන මස මුලදී තීරණය කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පැෆ්රල්, කැෆේ, සී.එම්.ඊ.වී ඇතුළු නිරීක්ෂණ සංවිධාන 10ක් කොමිසමේ ලියාපදිංචි වී ඇති ඇති අතර එම සංවිධානවලින් පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා අවසර ලබාදෙන සංවිධාන පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින්ට සිදුකළ හැකි වියදම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් සීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *