ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූ ට

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ජාතික සම්මානය “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත.

දේශබන්ධු කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකමතික එකඟතාවය ලබා දී තිබේ.

එම සම්මානය 2023 පෙබරවාරි 03 වැනිදා පිරිනැමීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ජාතික සම්මානයක් පිරිනැමීම 1086 වර්ෂයේ සිටම සිදුකර තිබේ.

ඒ අනුව , “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” මෙරටදී පිරිනෑමෙන උච්චතම සම්මානය වේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *