මාලබේ පාර අයිනේ බර්ගර් විකුණන කලාකරුවගේ ආදරණීය දියණිය..!

ආනන්ද අතුකෝරළ කියන්නෙ රංගන ශිල්පියෙක් විදිහට කවුරුත් දැන අඳුනන, කාගෙත් ආදරය දිනාගත්ත දැවැන්තයෙක්. පුංචි තිරයේ බොහෝමයක් නිර්මාණ හරහා ඔහුව අපිට මුණ ගැහෙනවා. ඒ වගේම තමයි ඇගේ දියණියත් බොලිවුඩ් නිළියක් තරම් සුන්දර රූ සපුවකට හිමිකම් කියන කෙනෙක්. ඇය නමින් ඉෂාරා අතුකෝරළ. මේ තාත්තයි දුවයි ගැන හදිසියේම කතාබහක් ඇතිවෙන්නෙ ඒ දෙන්නා බර්ගර් විකුණන වීඩියෝ එකක් බුකියේ පැතිර ගිය නිසයි.

ඇත්තටම මොකද්ද මේ කතාව.. ඒ ගැන ආනන්ද අතුකෝරළ, “නිලමේ” කියන යූටියුබ් චැනල් එකට මේ විදිහට කියලා තිබුණා. “සම්බැරීන් බර්ගර් හොට් බර්ග් වගේ දේවල් තියෙන ෂොප් එකක් දැම්මා. දුවගෙන් යෝජනාව ආවේ. යෝජනාවට හේතුව වුණේ නෝනා.. වර්ණනා කරනවා යාලුවෝ එහෙමත් නෝනාගේ කෑම රහයි කියලා. දුව කිව්වා මේකෙන් ප්‍රයෝජනයක් ගමු කියලා..

ආනා ෆැට්ස් කියලා පොඩි බර්ගර් ෂොප් එකක්. මාලබේත් තියෙනවා, අතුරුගරියෙත් තියෙනවා…” මේ වගේ දෙයක් කරන්න ඇත්තටම අවුලක් වුණේ නැද්ද රංගන ශිල්පියෙක් වෙලා? මිනිස්සු දන්න අඳුරන අය වෙද්දි? “අපි රඟපාන්නෙ කැමරාව ඉදිරියේ දී විතරයි. මම දුව මෙහෙමයි.. අපි සාමාන්‍ය මිනිස්සු…” ආනන්දගේ දුව කිව්වෙ මෙහෙම කතාවක්.. “සාමාන්‍යයෙන් අපි අපිට පුළුවන් මට්ටමට කරන්න ඕනි.

ලොකු ලොකු රෙස්වුරන්ට් දාන්න පුළුවන්කමක් නෑ අපිට. අම්මාගේ කෑම රහ නිසා මම කිව්වා තාත්තාට පොඩියට පටන්ගමු කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපේ තත්ත්වයට මදි වගේ, මම ගෑනූ ළමෙක්. නමුත් මමත් මෙතන ඇවිත් බර්ගර් හදනවා. හැබැයි මට ඒක ලැජ්ජාවක් එහෙම නෑ. පොළවේ පය ගහලා ඉන්න චරිතනේ අපි..” “හැබැයි ඉතින් අපිට තියෙන ප්‍රසිද්ධකම මේක දියුණු වෙන්න හේතුවක් වුණා..” කියලයි ආනන්ද අවසන් වශයෙන් කිව්වේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *