ධනවත් රටවල පළාත් පාලන ආයතන සමඟ එක් වී මෙරට පළාත් පාලන ආයතන ශක්තිමත් කරන බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තරයේ ධනවත් රටවල් වල පළාත් පාලන ආයතන සමඟ මිත්‍රත්ව සංකල්පය ඇතිකර ඒ හරහා අපේ රටේ පළාත් පාලන ආයතනවලට මුදල් ගෙන එන බව ද හෙතෙම පවසයි.
දැනටමත් තමන් එම වැඩ කටයුත්ත ආරම්භ කර ඇති බවද පැවසූ විපක්ෂ නායකයා ඒ හරහා මෙරට පළාත් පාලන ආයතන වලට ආදායම ලබා ගත හැකි බවද සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් කුරුණෑග ද දී පැවති ජනහමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.