මෙම 2023 වසරේ ජනවාරි (20) වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යුරෝවලට සාපේක්ෂව සියයට 1.5කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.5කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 1.6කින් සහ ජපන් යෙන් වලට සාපේක්ෂව සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් කර ඇත.