පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (23) දිනයෙන් අවසන් බවත් අද දින ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද අයැදුම් කිරීමේ අවස්ථාව පවතින බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.
ඒ අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි තැපැල් ඡන්ද අයැදුම්කරුවෙකුට තමන් පදිංචි ප්‍රදේශයේ ළඟම පිහිටි මැතිවරණ කාර්යාලයට හෝ සිය අයැදුම්පත්‍රය රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යලය වෙත අද ලබාදිය හැකිය.
එලෙස ලැබෙන අයැදුම්පත්, කඩිනමින් අදාළ මැතිවරණ කාර්යාලය වෙත යොමුකිරීමට පියවර ගන්නා බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.