ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් නිලධාරී මණ්ඩලය (FIFA) විසින් පිලි නොගන්න තත්වයක් තුල අදාල තහනම් නියෝගය දැනුම්දී ඇත්තේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙතයි.
මෙම තහනමට අනුව, ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙකුට, නිලධාරියකුට, පුහුණු කරුවෙකුට, ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරඟ හෝ වෙනත් කිසිවකට සහභාගී වීමට නොහැකි වේ.
හේතුව වී ඇත්තේ, තුන්වන පාර්ශවයේ මැදිහත්වීම ලෙස පසුගිය නිලවරනයේදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම බව වාර්තා වේ.