ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා හැර අනෙකුත් අධ්‍යක්ෂවරුන් තිදෙනා ජනාධිපති ලේකම් කාර්යාලයට (19) කැදවා ඇත.
එම අධ්‍යක්ෂවරුන් තිදෙනාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා විදුලි බිල වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
තවද පාර්ලිමේන්තුවේ ජාතික සභාව හමුවට උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක ඊයේ දිනයේ කැඳවා ඔහුට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් දැඩි විරෝධතාවයක් එල්ල කර ඇත.
පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් ඔහුට චෝදනා කර ඇත්තේ සභාපතිවරයා තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බවටත් විදුලි ගාස්තු සංශෝධනය කිරීමටද සභාපතිවරයා ඉඩ නොදෙන බවටත් පවසමින් විරෝධතා එල්ල කර ඇත.
S H A R E – with your friends –