සීමා නිර්ණය ගැන තවමත් නොලැබුණ නීතිපති උපදෙස..!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මේ වන තෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම සතිය තුළ නීතිපති උපදෙස් ලැබෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පළාත් පාලන සීමා නිර්ණය කමිටුව පත්කිරීම සමග පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

කෙසේවෙතත් මේ වන විට පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇතත් ඊට අදාළ දිනවකවානු මේ වන තෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් ඔහුගේ මතය දැනුම් දී නොමැති බැවින් ඊට අදාළ උපදෙස් ලැබුණු වහාම දින වකවානු ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *