ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් පළමුවරට ඩුබායි වෙළෙදපොළට..!

කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් දිවයින පුරා අරඹා ඇති කෘෂි ආදර්ශ උද්‍යාන වැඩ පිළිවෙළ යටතේ වගා කර ඇති රාජංගනය ඇඹුලු කෙසෙල් උද්‍යානයේ විදේශ වෙළෙ ද පොලට යොමු කෙරෙන පළමු ඇඹුල් කෙසෙල් තොගය ලබන 26වැනිදා ඩුබායි වෙළෙදපොළට යවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා ආර්ථිකය විදේශ විනිමය හිඟයෙන් පෙළෙමින් සීටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉළක්ක කර ගනිමින් වගා කර ඇති රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය යටතේ අක්කර 200ක ක්‍රියාත්මක කර ඇත.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් මේ සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර, නව තාක්ෂණික දැනුම, උපදෙස් හා පුහුණුව ගොවි ජනතාව වෙත ලබා දී තිබේ. ඇඹුල් කෙසෙල් වගාවේ දී ZigZag ක්‍රමයට පැළ රෝපණය කිරීම, බින්දු ජල තාක්ෂණය හා ඊට අවශ්‍ය උපකරණ ලබා දීම, කෙසෙල් වගාවට අමතරව වෙනත් බෝග වර්ග වගා කිරීම මෙන්ම ගොවි ජනතාවට ඉහළ ආදායමක් උපයා ගැනිම සඳහා ආපසු මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ යටතේ ව්‍යාපාරික ආයතන සම්බන්ධ කර දීම ද සිදු කර ඇත.

ශ්‍රී ලංකාවෙන් පළමු වරට විදේශ වෙළෙදපොලට යොමු කරන ඇඹුල් කෙසෙල් තොගයට කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් ඇතුළත්ය.

මින් අනතුරුව සෑම සෙනසුරාදාවකම කිලෝග්‍රෑම් 12,500 බැගින් ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙද පොළට යැවීමට කටයුතු යොදා ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *