තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට දැනුම්දීමක්..!

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ඉදිරි දෙසතිය තුළ ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේ කාඩ්පත් හිඟය හේතුවෙන් ලක්ෂ 06ක පමණ රියදුරු බලපත්‍ර තාවකාලිකව නිකුත් කර තිබූ බවය.

කෙසේවුව ද අදාළ කාඩ්පත් ඔස්ට්‍රියාවෙන් ගෙන්වීමට මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත අදාළ කාඩ්පත් තොගය මෙරටට ලැබීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *