IMF තීරණාත්මක සාකච්ඡාවක් 03 වනදා

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් මස 03 වනදා සිදුකිරීමට නියමිතව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටී.

IMFහි ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ හිටපු නේවාසික නියෝජිත ටුබගස් මහත්වරුන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර අදාළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද සඳහන් කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *