දුසිල්වත් භික්ෂුන්ට එරෙහිව කටයුතු කරන්න නව පනතක්…!

භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායක හිමිවරුන් දැනුවත් කිරීමටත් ඒ අනුව සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කරන බව ත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගිය දා ප්‍රකාශ කර තිබේ.

ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මග පෙන්වීමෙන් වෙන ම ව්‍යුහයක් ස්ථාපනය කිරීමට බලතල සහිත නව පනතක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායක හිමිවරුන් දැනුවත් කිරීමටත් ඒ අනුව සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කරන බව ත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගිය දා ප්‍රකාශ කර තිබේ.

ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මග පෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපනය කිරීමට බලතල සහිත නව පනතක් හදුන්වා දීමටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් නිසා ශාසනයට සිදුවන හානිය පිළිබඳවත් ඒ අනුව ඒවා නැවැත්වීමට අමාත්‍යංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී විශේෂ අවධානයට ලක් වී ඇත.

මුලතිව් කුරුන්දි විහාරය ආශ්‍රිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නොවන ඉඩම් නිදහස් කර ගැනීම පිළිබදව ද එහිදී සාකච්ඡා වී තිබේ.

ජනතාව කෘෂිකර්මාන්තය ඇතුළු කටයුතු වෙනුවෙන් භුක්ති විඳි කැනීම් සඳහා මැනුම් අවසන් කර ඇති ඉඩම් හැර ඉතිරි කොටස අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් ජනතාවට ලබා දෙන ලෙස අමාත්‍යවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *