එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාර ගතව සිට ජනාධිපති සමාව ලැබීමට නියමිත රැඳවියන් අට දෙනා අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා
බණ්ඩාරනායක කුමාරතුංග වෙත එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධවූ දෙදෙනෙකුද සිටිති.
ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන 2000 වසරේ සිට සිරගත කර සිටින රගුපති ශර්මා සහ වේලායුදන් වර්ධරාජන් යන මෙම රැඳවියන් දෙදෙනාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා කළ විමසීමේදී හිටපු ජනාධිපතිනිය එකහෙළාම එය අනුමත කර තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කරමින් 1999 වසරේ දෙසැම්බර් 18 වන දා කොළඹ නගර සභා පිටියේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ඇයට එක් ඇසක් ද අහිමි විය.
මෙම එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නිදහස් කිරීමට එකඟතාවය පළකිරීම සම්බන්ධයෙන් සමක මාධ්‍යයක් කළ විමසීමකදී හිටපු ජනාධිපතිනිය තවදුරටත් මෙසේ සඳහන් කර ඇත.
ප්‍රශ්නය :
එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනෙකුට සමාව දෙන්න කියලා ඔබතුමිය ඉල්ලා සිටිනවා වත්මන් ජනාධිපති තුමාගෙන්. ඔබ හිතනවද මේක හරි තීන්දුවක් කියලා?
CBK :
”පැහැදිලිවම ඔව්. දැන් ඒගොල්ලො අවුරුදු විස්සකට කිට්ටු කාලයක් හිරේ ඉඳලා තියෙනවා. මෙහෙම හිටියා කියලා මගේ ඇහැ මට ආපහු හම්බවෙන්නෙත් නෑ. මේ රටේ තියෙන ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නෙත් නෑ. ඇත්ත වශයෙන්ම අවුරුදු හතක් අටක් මට ඕන කරල තිබුනා මේ දෙන්නට සමාව දෙන්න කියල ඒ වකවානුව හිටපු ජනාධිපති වරුන්ගෙන් ලිඛිතව ඉල්ලන්න. මේ ගොල්ලන්ව නිදහස් කරන්න කියලා කියන්න.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ලේකම්තුමා මට මට කතා කරලා ඇහුවා.. මම කැමැතියි කිව්වා. මම හිතන්නේ ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. අපි බෞද්ධයෝ හැටියට සහ හැම ආගමකම කියලා තියෙන්නේ සමාව දෙන්න ඕනේ. මම හොඳට ජීවත් වෙනවා එක ඇහැක් නැති වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ව පුනරුත්ථාපනය කරලා හරි එයාලා කරපු වැඩේ වැරදියි කියලා ඒගොල්ලන්ව නිදහස් කරන එක හොඳයි.
තව මම අන්තිමට එකක් කියන්න ඕනේ මේවා මිනිස්සුන්ට එන්නේ මේ අදහස් අමතක කරන්න එපා මට බෝම්බ ගහලා දවස් දෙකක් යනකොට මම අලුතෙන් දිවුරුම් දුන්න දවසේ මම කතාවක් කෙරුවා සියලුම එල්ටීටීඊ කාඩර්ස්ලා කරුණාකර අපි සමග අත්වැල් බැඳගන්න මේ ප්‍රශ්නය විසඳන්න කියලා. මගේ දරුවන්ට වගේ මම ඔයාලට සලකන්නම් මම ඔයාලගෙන් පලිගන්නේ නැහැ කියලා.
”මට එහෙම කරන්න පුළුවන් වුණේ කොහොමද , මගේ තාත්තට වෙඩි තියපු හාමුදුරුවන්ට මරණාසන්නව ඇඳේ ඉඳගෙන සමාව දෙන්න කියපු තාත්තා කෙනෙකුගේ කෙනෙකුගෙ දුවෙක් මම”