අපනයන ආදායම ඉහළට

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් දක්වා සියයට 5.75කින් වර්ධනය වී තිබේ.

මෙලෙස අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ඇත්තේ අඛණ්ඩව හතරවන මාසයටය.

වසරේ මුල් මාස 9 ය තුළ මෙරට වෙළෙඳභාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 10කට ආසන්න වේ.

ඒ 2021 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 12%ක පමණ වර්ධනයක් සටහන් කරමිනි.

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වැඩිම අපනයන ආදායමක් එනම් ඩොලර් මිලියන 4562.67ක් උපයා ඇත්තේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයනයෙනි.

එම කාලය තුළ තේ අපනයනයෙන් ලද ආදායම ඩොලර් මිලියන 977කි.

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාව වැඩිම අපනයන ආදායමක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 2582.91ක් උපයා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය වෙත භාණ්ඩ අපනයනයෙන් එමෙන්ම අපනයනවලින් 23%ක් පමණ යවා ඇත්තේ යුරෝපා සංගමයේ රටවල් වෙතය.

ශ්‍රී ලංකාව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹී ඇති රටවල් වෙත අපනයන මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඩොලර් මිලියන 700.53 දක්වා 10.25%කින් වර්ධනය වී තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *