ත්‍රිරෝද රථ පළමු කිලෝමීටර් ගාස්තුව රු. 20කින් පහළට..!

ත්‍රිරෝද රථ සදහා ලබාදෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමත් සමඟ ත්‍රි රෝද රථ සදහා පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20 කින් පහළ දැමීමට ත්‍රි රෝද රථ සංගම් තීරණය කර තිබේ.

ත්‍රිරෝද රථ කෝටාව ඉහළ නැංවීමට රජය ගත් තීරණයට ද එම සංගම් ස්තූතිය පළකරයි.

ත්‍රිරෝද රථ නිසි නියාමනයකින් තොර ඉන්ධන කෝටාව සියලුම ත්‍රි රෝද රථ සදහා ලබාදීමේ හැකියාවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

වෘත්තීය ත්‍රිරෝද රථ සදහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකරන ලෙස කල ඉල්ලීම්වලට අනුව ඒ පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණි. ත්‍රිරෝද රථ සදහා ලබාදෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපතිවරයාගේ ද අනුමැතිය හිමිව තිබේ.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලක්ෂ තුනක් පමණ මේ වනවිට පොලීසියේ ලියාපදිංචිකර ඇත.

නොවැම්බර් 13 වැනිදා සිට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ත්‍රි රෝද රථ ලියාපදිංචිය සිදු කිරීමට නොහැකි වුවහොත් ආරම්භයක් ලෙස පොලීසියේ ලියාපදිංචි ත්‍රි රෝද රථ සදහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරුණි. ඉන්ධන කෝටාව ඉහළ නැංවීමත් සමග ත්‍රි රෝතද රථ ගාස්තු අඩු කිරීමට ද එම සංගම් තීරණය කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *