සාමකාමී ජන අරගලයේ අපේක්ෂා ඉටු කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉඩ දී, සියළු කොමිෂන් සභා සාමාජිකයන් වහාම ඉවත් වන ලෙස විමුක්ති දුෂාන්ත කැදවුම්කාරත්වය දරන, මාධ්‍යවේදි ගුණරත්න අධිකාරි සමාජ මාධ්‍ය ප්‍රධානත්වය දරන Black Cap Movement සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.
එම නිවේදනය පහතින්,

සාමකාමී ජන අරගලයේ අපේක්ෂා ඉටු කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉඩ දී, සියළු කොමිෂන් සභා සාමාජිකයන් වහාම ඉවත් වන්න.
පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත වූ 21 වැනි (22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලෙස පෙර හැඳින්වූ) ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණක් වූයේ සාමකාමී ජන අරගලයේ ද අපේක්ෂාවක් වූ පරිදි අධිකරණය හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීමයි.
ඒ අනුව මෙතෙක් කාලයක් ජනාධිපතිවරයාගේ අභිමතය මත සිදු කළ මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පත්කළ යුතුව ඇත.
එම නිසා ජනතාවාදී සහ ස්වාධීන නියෝජනයක් ලබා ගැනීම වෙනුවෙන් 21වන සංශෝධනය ප්‍රකාරව ඉහත කොමිෂන් සභාවලට සහ නැවත පිහිටුවීමට නියමිත ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව ඇතුළු සියළු කොමිෂන් සභා වෙත සාමාජිකයන් පත් කිරීම සඳහා මේ වන විට එම කොමිෂන් සභා වල සාමාජිකයන් ලෙස කටයුතු කරන සියළු සාමාජිකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්විය යුතු බව අප අවධාරණය කරමු.
එසේ ඉල්ලා අස්වී ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පත්කළ කර ගැනීමට ඉඩ ලබා දෙන ලෙස ද අප මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු.
Black Cap Movement