අපි ඔක්කොම හොරු තක්කඩි ගණයට දාලා පත්තර මල්ලිලා කියවනවා..!

“TheMorning.” දිනපතා ඉංග්‍රීසි පුවත්පතේ පළවූ වාර්තාවක් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරමින් පැවසුවේ ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසටය.

“මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේ සභාපතිවරයා විදියට පහුගිය දිනවල මාධ්‍යකරුවන් කිහිපදෙනෙක් මෙයට කැඳවා තිබුණා. විශේෂයෙන් මීට දින තුනකට කලින් විද්‍යුත් මාධ්‍යයේ උදේ පත්තර  කියවන මාධ්‍යවේදියෙක් ඒ පත්තරේ තිබෙන කුඩා කොටසක් කියවලා ඉතා ලොකු විග්‍රහයක් ලබා දෙනවා. දිනපතා මේක සිදුවෙනවා. ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පෙන්වලා දුන්නා. මේ පහුගිය දිනවල පුවත්පතක තිබුණ කෙටි ප්‍රකාශයක් අල්ලගෙන පැය ගණන් කියවන මධ්‍යවේදීන් කියනවා මේ පාර්ලිමේන්තුවේ සිටින 225 ම හොරු තක්කඩි කියලා හංවඩු ගහලා පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් කෙරෙහි විශේෂයෙන්ම වෛරයක් ක්‍රෝධයක් ඇති කළා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 10ක් 15ක් නොගැළපෙන විදියට කතා කරන හැසිරෙනවා කියන එක ඇත්ත. අපි පිළිගන්නවා. හැබැයි එහෙම කියලා 225ම එක මල්ලට දාලා අපි ඔක්කොම හොරු තක්කඩි ගණයට දාලා පත්තර මල්ලිලා ටික උදේට කියවගෙන යනවා.

මේ මාධ්‍යවේදින් නිසා අද පාර්ලිමේන්තුවේ අවංක ගෞරවනීය මන්ත්‍රීවරයෙකුගේ දරුවෙකුට පාසලකට යන්න බෑ. තාත්තා හොරෙක් නේද කියලා අහනවා. තාත්තා හොරාට පාර්ලිමේන්තුවෙන් කනවා නේද කියලා අහනවා. මේ වගේ තත්ත්වයක් ඇති කරලා තියෙන්නේ මේ මාධ්‍යවේදීන්. දැන් මේ මාධ්‍යවේදියා ගෙනැල්ලා, ඒ මාධ්‍ය ජාලයටම අයිති පුවත්පතක් වන “The Morning”  එකේ කියනවා 21 වන දින ඊයේ, මේ තිලිණි කියන කාන්තාවට මගේ චේම්බර් එකේ නිතීඥවරු පෙනී සිටිනවාලු. ඒක නිසා මට ඇමතිකමින් අයින්වෙන්නලු නැතිනම් නඩුවෙන් අයින් වෙන්නලු. මම පැහැදිලිව කියනවා, මම අමාත්‍යධුරය බාරගත්ත දවසේ ඉදලා මට චේම්බර් එකක් නෑ. බැහැයි මගේ කණිෂ්ඨ නීතිඥවරු මේ රටේ විවිධ අධිකරණවල සේවය කරනවා. මගේ කිසිම සම්බන්ධයක් නැතුව මගේ කණිෂ්ඨ නීතීඥවරු ගිහිල්ලා නඩුවකට පෙනි සිටියා කියලා “The Morning” පුවත්පත නඩු තීන්දුවක් දෙනවා ඇමතිකමින් අයින්වෙන්නලු නැතිනම් නඩුවෙන් අයින් වෙන්නලු. එගොල්ලෝ කියනවා ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මේක උසාවියේ කිව්වා කියලා. මම සොයලා බැලුවා මෛත්‍රී ගුණරත්න මහතා කියන්නේ ඉතා ගෞරවනීය විදියට සේවයේ යෙදෙන ජනාධිපති නීතිඥවරයෙක්.  ඔහු පැහැදිලිවම කිව්වා ඔහු මේ අධිකරණයේ කිසිම වචනයක් කිව්වේ නෑ කියලා මේකෙන් කියන්න යන්නේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද බලතල කමිටුවේ සභාපති විදියට මම මේ ගෙන යන ක්‍රියාදාමය කඩාකප්පල් කරන්න. පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද පනතේ 1953 පනත යටතේ මේකට අවුරුදු 2ක සිර දඬුවමක් ලබාදිය හැකි වරදක්. හැබැයි මම මේකේ සභාපති නිසා මේ විමර්ශනයට සහභාගි වෙන්න බෑ. මම ගෞරවයෙන් ඉල්ලනවා මේ වරප්‍රසාද කමිටුවේ වෙනත් සාමාජික මහත්තයෙක් හරි මහත්මියක් පත් කරලා එකේ සභාපති ලෙස පත්කරලා මේ පිලිබඳ සාධාරණයක් කරලා දෙන්න කියලා.”

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *