ලංකාවේ වගා කළ කොළ ඇපල් ජනපතිට පිළිගන්වයි..!

ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා  ගල්ගමුව, තඹුත්තේගම  ප්‍රදේශයේ අක්කර දෙකක මෙම ඇපල් වගාව සිදු කර තිබේ.

ගොවි මහතාගෙන් ඇපල් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල් වගාව බලන්නට එන බව  පැවසීය. 

ලක්ෂ්මන් කුමාර ගොවි මහතා සඳහන් කළේ ඇපල් බීජ මෙරටට ගෙන්වා නව පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බවත්, අක්කර දෙකක සරු ඵලදාවක් මේවන විටත් ලැබී ඇති බවත්ය.

මෙම වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ලබාදීමට හැකියාව පවතින බවද ලංකාවෙි ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි අයුරින් මෙම බීජ නිපදවා ඇති බවද ඔහු සඳහන් කළේය.

කොළ ඇපල් පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි රස බැලීමට ද අමතක නොකළේය. 

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වී  සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *