විපක්ෂයේ මන්ත්‍රීවරු ජනපතිට දුන් පොරොන්දුව…!

රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සඳහා සහාය දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඔවුන්ගේ එකඟතාව පළ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ විරෝධතා හෝ වාද විවාද මහ මඟ නොව පාර්ලිමේන්තුවේදි සිදුකරමින් පවතින අර්බුදකාරී තත්ත්වයන් සමනය කිරීමට සියලුදෙනා ඒකාබද්ධව කටයුතු කිරීම කාලෝචිත බවය.

සියඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේය.

“වාද විවාද කරන එක මට ප්‍රශ්නයක් නෑ. සමහරු කියනවා පාරට ඇවිල්ලා ලේ වගුරවනවා කියලා. ලේ වගුරවන්න නෙමෙයි ඊට ඉස්සෙල්ලා ජීවත් වෙන්න ඕනේ. නැත්නම් හාමතේ මැරෙයි. කතා කරන්න තියෙන ඒවා ඡන්දේ ගැන ඕන එකක් පාර්ලිමේන්තුව ඇතුළේ කතා කරන්න. ඒකට නේ පාර්ලිමේන්තුවක් තියෙන්නේ. පඩි ගෙවන්නේ. ඒක කරන්න. හැම එක්කෙනාම මේකට එකතු වෙන්න.  ඒ වගේම මම කැමතියි කියන්න ආණ්ඩු පක්ෂය විතරක් නෙමෙයි විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් මට කියලා තියෙනවා මේ ආහාර සුරක්ෂිත වැඩසටහන එකතුවෙන්න කැමති ඒ අයටත් යම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් දෙන්න කියලා. අපි ඒ වැඩකටයුත්තේ යෙදෙමු. කාටවත් බාධා කරන්නේ නැතිව මේ කෑම අරගමු. එතකොට ගොවීනුත් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩකටයුතු කරගෙන යනවා. ඒ එක්කම සංචාරකයෝ මෙහෙට ගේන්න බලන්න ඕනේ. මේ වැඩ අපි ක්‍රමානුකූලව කරගෙන යමු.”

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *