ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරන පරිද්දෙන්ම කාලගුණික විපර්යාස සම්බන්ධවත් අවධානය යොමු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ,
“ආර්ථික අර්බුදය දෙස නෙත් යොමු කළොත් කාලගුණ වෙනස සම්බන්ධයෙන් අපට නිසැකවම අවධානය යොමු කළයුතු බව පෙනී යනවා. මන්ද අද ආර්ථිකය සහ කාලගුණ වෙනස එකිනෙකට සම්බන්ධයි. අප මේ තත්ත්වයෙන් ප්‍රකෘතිමත්විය යුතුයි. ඒ වගේම ආර්ථික සංවර්ධනයක් ඇතිවිය යුතුයි. අප ඉදිරියට යා යුතුමයි.”
“අපේ ආර්ථිකය දැන් හරිත ආර්ථිකයකට අනුකූලවිය යුතු වනවා. එයයි ලෝකයම අද යොමුවී ඇති ප්‍රවණතාව. අපට ඉන් බැහැරවිය නොහැකියි. දෙවනුව හරිත ආර්ථිකයක් තුළ ශ්‍රී ලංකාවට පවතින ඉහළ හැකියාව ප්‍රයෝජනයට ගත හැකියි. පුනර්ජනනීය බලශක්තිය ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට හරිත ආර්ථිකයක් ඔස්සේ ප්‍රතිලාභ ලද හැකියි. අප ඒ මඟ ඉදිරියට යා යුතුයි.”