නෝර්වේ හිටපු ජාත්‍යන්තර සංවර්ධන හා පරිසර අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ZeroPlastic National Movement සංවිධානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට සිදු කළ ඉල්ලීමකට එකග වී ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත් කරනු ලැබ තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම කර තිබෙි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එරික් සෝල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී අද (12)සාකච්ඡා පැවැත්වීය.
ජනාධිපතිවරයා සමග පැවති හමුවෙන් අනතුරුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එරික් සෝල්හයිම් මහතා පවසන්නේ හරිත ආර්ථික ප්‍රතිසංවිධානය සහ ශ්‍රී ලංකාවේ දේශගුණික අභියෝග පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශිෂ්ට දැක්මක් තිබෙන බවත් ඔහුගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත්වීම ගැන ආඩම්බර වන බවත්ය.
2000 වසරේදී එරික් සෝල්හයිම් මහතා නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ සටන්කාමීන් සමඟ සාම ගිවිසුමකට එකඟ වීමට සාකච්ඡා කළ නෝර්වීජියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියෙක් ලෙස ද කටයුතු කළේය.
වර්තමානයේ සෝල්හයිම් මහතා දේශගුණික විපර්යාස ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන අතර ඔහු එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.



