බංගලියන් පැරදු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට

බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වන ජයග්‍රහණය වාර්තා කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (10) සමත් විය.

ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 3කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම, පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ, අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 83ක් රැස්කරගත්තේය.

එම අවස්ථාවේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණි.

කෙසේ වෙතත් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට පන්දුවාර 7කදී ජයග්‍රහණය සඳහා හිමි වු ඉලක්කය ලකුණු 41කි.

එම ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 7 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 37ක් පමණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වු ඉනෝකා රණවීර ලකුණු 7කට කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූවාය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *