කලක් මෛත්‍රිපාල සිරිසේනගේ සුවච කීකරු ගෝලයෙකු වු එරික් ප්‍රසන්න වීරවර්ධන අනුර කුමාර දිසානායක නායකත්වය දරන ජාතික ජන බලවේගය සමග එක්ව තිබේ.
කලක් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ අතර එම කාල සීමාව තුල තරුණ පෙරමුණ විනාශ මුඛයට ඇදදැමිමේ පුරෝගාමියා වුයේද එරික්මය. තම හිතැති පුද්ගලයන් ශ්‍රිලනිප තරුණ පෙරමුණට පත්කිරිම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරිමේ ප්‍රධාන පුරුකක් ලෙසද එරික් විරවර්ධන හැදින්විය හැක.
2010-2015 නාමල් රාජපක්ෂ සරණ යමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, මහින්ද රාජපක්ෂ සරණ යමින් එවකට රජයේ වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් 2015න් පසු රාජපක්ෂ රෙජිමයේ සියලු පාර්ශවයන් පාවාදෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුද්ගලික ලේකම්වරයා ලෙසත් කටයුතු කර ඇති ඔහු විටෙක මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර තිබේ.
අසාර්ථකත්වය නිසාවෙන් ජනාධිපති පුද්ගලික ලේකම් ධුරයෙන් ඔහුව නෙරපීමෙන් අනතුරුව එවකට ජනාධිපති සිරිසේනගේ දියණිය වු චතුරිකා සිරිසේන විසින් ආරම්භ කළ ස්මාර්ට් ශ්‍රි ලංකා වැඩසටහන ක්‍රමානුකුලව තම ග්‍රහණයට ගත් එරික් එම සමස්ත වැඩසටහනම හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කරමින් ලක්ෂ ගණනින් ජනාධිපති කාර්යාලයේ මුදල් වියදම් කරමින් විවිධ උත්සව සංවිධානය කරමින්, අවසානයේ Smart Sri Lanka යන්න හුදෙක්ම මුදල් නාස්ති කළ අරුත්සුන් ව්‍යාපෘතියක් බවට පත්කලේ එතෙක් මෙතෙක් ජනාධිපති කාර්යාලයේ බිහිවු අසාර්ථකම පරිපාලන නිලධාරියා අනෙකෙක් නොව එරික් බවටම පත්වෙමිනි.
අවසානයට අසාර්ථක එරික් තමන්ට වැඩාත්ම සුදුසු ස්ථානය වන තමන් වැනිම වැඩබැරි කයිවාරුකාරයින් ගහන වු ජවිපේ සමග එක්ව ඇත.