කොත්තු මිලත් වෙනස් කරන්න සැරසෙයි

පාන් පිටි මිල අඩු වන්නේ නම් ඉදිරියේ දී කොත්තු මිල අඩු කිරීමට සුදානම් බව ආපන ශාලාහිමියන්ගේ සංගමය පවසයි.

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක, අසේල සම්පත් මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“මේ රටේ අහිංසක මිනිස්සු වතු කම්කරුවා රොටි කෑල්ල කාලා මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක වෙන්නේ. දළු ටික කඩලා, රබර් කිරි ටික කපලා.  ඒ කටුපොල් ටික කපලා. අද ඒ් මිනිස්සුන්ට කන්න විදිහක් නැහැ. දැවැන්ත මාෆියාවක් තියෙන්නේ. ඊයේ කතරගම 490යි පිටි. ඒ නිසා පිටි මිල අඩු වුණොත් 250යේ සීමාවට අපි සූදානම් කොත්තුවේ මිල, එළවළු රොටියේ මිල, රෝල්ස් එකේ මිල පහත හෙළන්න. මේ මාධ්‍ය සංදර්ශන නෙමෙයි. මේ රටේ ජනතාවට යම් සහනයක් ලැබෙන්නේ ද? ඒ සහනය අනිවාර්යෙන් සේවාවලින් ලබාදිය යුතුයි. ඒක තමයි විය යුත්තේ. වැඩි කරනකොට වැඩිකරන්නත් අඩු කරනකොට අඩු නොකර ඉන්නත් බැහැ. ඒක සධාචාරාත්මක නැහැ.”

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *