රජය විසින් පනවන ලද නව සමාජ ආරක්ෂණ බද්ධ පදනම් කොට දුරකතන සමාගම් විසින් දුරකතන හා අන්තර්ජාල සේවාවන් වෙනුවෙන් අය කර ගාස්තු වැඩි කිරීම සිදු කර ඇත්තේ සිය කොමිසමේ අවසරය නොමැතිව බව විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාව පවසයි.
විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාව වැඩිදුරටත් පවසන්නේ අදාල ගාස්තු සංශෝධනය සඳහා ඉල්ලීම්ක් හෝ අදාල සමාගම් විසින් මෙතෙක් සිදු කර නොමැති බවයි. ඒ් අනුව අදාල දුරකතන සමාගම්වලට එරෙහිව පියවර ගන්නා බවත් විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාව විසින් සඳහන් කර ඇත.