දුෂ්කර පිරිවෙන් සඳහා ආධාර..!

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් මෙරට දූෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.

ජනාධිපති කාර්යාලයේදී සංකේතාත්මකව ඒම ආධාර බෙදාදීම සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සිංගප්පූරුවේ සිටින පරිත්‍යාගශීලින්ගේ ආධාර උපකාර මත මෙරට දුෂ්කර පළාත්වල පිරිවෙන් වන අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේගේ සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ මෙහිදී ජනාධිපති ලේකම්වරයාට සංකේතාත්මකව භාරදීම මෙහිදී සිදුව ඇති බව සඳහන්ය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ තෝරාගත් පිරිවෙන් සඳහා අධ්‍යාපන උපකරණ බෙදාහැරීමට නියමිතව තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *