පොත් බෑගයේ බර අඩුවේ..!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙළපොත්වල බර අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් ලබන වසරේ සිට එය ක්‍රියාත්මක බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසීය.

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආකෘති මුද්‍රණය කිරීම සඳහා යම් මුදලක් වෙන් කර තිබෙනවා. ඊළඟ අවුරුද්දේ ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවා.

එම ක්‍රමයට ගියාට පස්සේ විශාල පෙළ පොතක් ලැබෙන්නේ නෑ. අවශ්‍ය නෑ. පෙලපොතේ තිබෙන විශයන් ඒකක ගාණට කැඩිලා මාත්‍රෘකා අනුව සකස් වෙනකොට ඒ පොතේම අභ්‍යාසයත් කරලා දරුවන්ට ඒ වාරය ඉවර වෙනවා.

ඊළඟ වාරයට තව පොතක් එනවා. ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නට පස්සේ පෙළපොත් වන බර අනිවාර්ය යෙන් තුනෙක් දෙකකින් අඩුවෙනවා. දැන් තියෙන්නේ කිලෝ නමයක් නම් කිලෝ තුනකට අඩුවෙනවා.”

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *