මෙරට සේවා කාලය නිම කළ කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමු වෙති.

සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් (David McKinnon) මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලවෙ(ර්)තු (Eric Lavertu) මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

මෙරට සේවා කාලය නිම කළ බව ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් ඔවුහු ජනාධිපතිවරයා සමග සුහද පිළිසඳරක නිරත වූහ.

ඩේවිඩ් මකිනන් මහතා 2017 ඔක්තෝම්බර් 23 වන දින සිට මෙරට කැනඩා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අතර එරික් ලවෙ(ර්)තු මහතා 2018 නොවැම්බර් 01 වැනි දා සිට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-10-03

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *