වෛද්‍යවරුන් වයස 60 දී විශ්‍රාම ගැන්වීම  වඩාත් හොඳ තීරණයක් – GMOA

සෙසු රාජ්‍ය සේවකයන් මෙන්ම වෛද්‍යවරුන් ද වයස 60 දී විශ්‍රාම ගැන්වීමට  රජය ගෙන ඇති තීරණය වඩාත් හොඳ තීරණයක් බවත් එය තරුණ වෛද්‍යවරුන්ගේ වෘත්තිය අනාගතයට වඩා සුබදායි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (2) පැවසීය.

වෛද්‍යවරු වයස 60 න් විශ්‍රාම ගැන්වීමෙන් සෞඛ්‍ය සේවය කඩාවැටෙන්නේ යැයි ඇතැමුන් ගෙනයන ප්‍රචාරය නොමඟයැවීමක් බව කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා තරුණ දක්‍ෂ දෛ්‍යවරු විශාල පිරිසක් රට තුළ සිටින බව ද සඳහන් කළේය.

වෛද්‍යවරු 200 පමණ පිරිසක් මෙම විශ්‍රාම ගැන්වීමේ තීරණයට සහය පළකරමින් ලිපියක් යොමුකර ඇති බවත් රට තුළ කිසිඳු අයුරකින් විශේෂඥා වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති නොවන බවත් වෛද්‍ය බෙල්ලන මහතා කීය.

කොළඹ, ගාල්ල සහ මහනුවර ආදි ප්‍රදේශවල සේවය කරන ඇතැම් විශේෂඥා වෛද්‍යවරු එම ප්‍රදේශ අතහැර යෑමට දක්වන අකමැත්ත හේතුවෙන් විශ්‍රාම වැටුප 63 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලීම් කරන බවත් මෙම ඉල්ලුමට රජය ප්‍රතිචාර නොදැක්විය යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *