ලෙජන්ඩ්ස් අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්වයක්?

road safety world series ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.

කෙසේවෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇති බව සංවිධායකයන් ඊයේ නිවේදනය කළේය.

road safety world series ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මේවන විට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සුදුසුකම් ලබා අවසන්ය. අවසන් මහා තරගය හෙට රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන් අතර තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30 පමණ ආරම්භවීමට නියමිතව ඇත. ඒ ඉන්දියාවේ රායිපූර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

තරඟාවලියේ සියලු තරග ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම සටහනේ සිව්වන ස්ථානයේ පසුවෙයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *