ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙක් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයේ දූපත් වලට ඇතුලුවීමට
උත්සහ කරන අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව සිටින බවත් ඔවුන් හැකි ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු පවසයි.
තානාපති එරික් ලැවටු එබව පවසා ඇත්තේ, සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් හමුවීමට අද(26 ) දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදීය.
තවදුරටත් ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයට පැමිණීම වැලැක්වීම සඳහා පොලිසියත්, ආගමන විගමන දෙපාර්තුමේන්තුවත් ප්‍රංශ තානාපති කාර්යාලයත් එක්ව දැනුවත් කිරීමේ වැඩමුළුවක් ප්‍රංශයට අයත් දූපත්වල පැවැත්වීමට සංවිධානය කරමින් පවතින බවද තානාපතිවරයා මෙහිදී අමාත්‍යවරයාට පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ළමා හා කාන්තාවන් වෙනුවෙන් සිදුවන ආසාධාරනයන් වැලැක්වීමෙ අරමුණින් ශ්‍රී ලංකා පොලිසියත් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයත් එක්ව වැඩමුළුවක් සංවිධානය කිරීමට මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා තානාපති එරික් ලැවටූ එකඟතාව ප්‍රකාශ කර තිබේ.
ටිරාන් අලස් අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා පොලිසියේ සංචාරක පොලිස් කොට්ඨාශය දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය දක්වන බවට ද ප්‍රංශ තානාපති එරික් ලැවටු සහතික වී ඇත.
එසේම, තවදුරටත් ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කිරීම ගැනද එහිදී සාකච්ඡා වී තිබේ.