ග්‍රෑන්පාස්, කජිමාවත්ත ගින්නෙන් නිවාස 50කට හානි..!

ග්‍රැන්පාස්, තොටලග ප්‍රදේශයේ කජිමාවත්ත පැල්පත් නිවාස ආශිතව ඊයේ (27) ගින්නක් හටගෙන ඇති අතර, ගිනි නිවීමේ හමුදාව විසින් මහත් පරිශ්‍රමයකින් මෙම ගින්න නිවා දමා ඇත.

කෙසේ වෙතත් මෙම ගින්නෙන් මේ වන විට නිවාස 50කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 10ක් ගිනි භටයන් 50 කට අධික පිරිසක් යොදවා තිබූ තර, ගිනි නිවීමේ හමුදාව පවසන්නේ ප්‍ර⁣දේශයේ මාර්ග පටුවීම නිසා විශාල ගිනි නිවන රථ වලට එම ප්‍රදේශයට ගමන් කිරීමට නොහැකි වී ඇති හෙයින් . එය ගින්න නිවී මේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.

මේ අතර, ගිනි නිවීමේ හමුදාව විසින් කැලණි ගඟේ තොටළග ප්‍රදේශයෙන් වතුර ගෙන බවුසර් රථවලට පුරවා ගින්න නිවීමේ කටයුතු සිදුකර ඇත.

කජීමාවත්තේ පැල්පත් නිවාස විශාල ප්‍රමාණයක් ඉදිකර ඇති බවත් එම පැල්පත් ආශ්‍රිතව මෙම ගින්න හටගෙන පැතිර ගොස් ඇති බවද ගිනි නිවන හමුදාව කියයි.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මීට පෙර ද මෙම වසරේ මාර්තු මාසයේ කජීමාවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස සමූහයක හටගත් ගින්නකින් නිවාස 20කට පමණ හානි සිදු විය. ඒ අනුව, කජීමාවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස ආශ්‍රිතව මෙම වසරේ හටගත් දෙවන ගින්න මෙය වේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *