සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ පූකුඩුකන්නා සහ කිඹුලා ඇලේ යන පුද්ගලයින් සමඟ සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලවත්ත පොලිස් වසමේ අංක 135/ඒ, ක්‍රවුන් විලා, වැල්ලවත්ත, නිවාස සංකිර්ණය ඉදිරිපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබුණා.
එහි දී රුපියල් ලක්ෂ හයක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සැකකරු සන්තකයේ පැවති බවයි අදාල නිලධාරීන් සඳහන් කළේ.
සැකකරු වයස අවුරුදු 33 පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයක්.
