ජනපති රනිල්ට තීරණාත්මක ජයක්..! ජාතික සභා පනත නිතරගයෙන් සම්මතයි..!

ජාතික සභාව පනත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. දියවන්නාවෙන් එළියට බලය ගෙන යන්නට යෝජනා කළ තරුණ පරපුර නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ කමිටුවකට තරුණයින් 5 බැගින් නිරීක්ෂණ මට්ටමින් සහභාගී කරවීම ‘ජාතික සභාව‘ මගින් සිදුවන වැදගත්ම කාර්ය යි.

තරුණ අසහන කමිටු නිර්දේශයන්ගේ සිට අද දක්වා තරුණ නියෝජනය ගැන විවිධ යෝජනා පැමිණ තිබේ. වයස අවුරුදු 35 ට අඩු තරුණයින්ට පාර්ලිමේන්තු කමිටුවට දොර ඇරෙන්නේ පළමු වරටය.

මොකක්ද මේ ජාතික සභාව?

ජාතික සභාව ප්‍රධාන අරමුණු තුනකි.

  1. කතානායකවරයාගේ සභාපතීත්වයෙන් ‘ජාතික සභාව’ හදන්නේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරිම සඳහා මග පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීම
  2. ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටි හා මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් ඒකඟතාවයට පැමිණීම
  3. අරගලයේ ඉල්ලීමක් වූ යොවුන් සංවිධානවල යොවුන් නිරීක්ෂකයින්ට (සමාජිකයින් 5 දෙනා බැගින් කමිටු සමාජිකයින් 50 කට වැඩි සංඛ්‍යාවක් — සමහර විට 80 ක් පමණ) පත් කිරිමට යි.

මෙහි පළමු සහ දෙවන යෝජනා වැදගත් වන්නේ පාර්ලිමේන්තුව නියෝජනයන කරන දේශපාලන පක්ෂවලට ය. විපක්ෂයට පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ වැඩි බලයක් ලබාදීම එමගින් සිදුවන්නේය. අවම වශයෙන් විපක්ෂය පාර්ලිමේන්තු විවාදයේ දී බෙදීමක් ඉල්ලා ඡන්දයකට නොගියේ ඒ නිසාය.

දැන් ජනතා විමුක්ති පෙරමුණ හා ඩලස් අලහප්පෙරුම ඇතුළු පොහොට්ටුවෙන් කැඩුණු කණ්ඩායම එය එළියේ විවේචණය කරන්නේ දේශපාලන නිසාය.

සමගි ජනබලවේගය හෙවත් විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම තමන්ට ලැබෙන බලය නිසා එයට විරුද්ධ වන්නේ නැත. තම දේශපාලන ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ යෝජනාවක් නිසා එයට පක්ෂවන්නේ ද නැත.

මේ ලංකාවේ අද දේශපාලනයේ කටුක යථාර්ථය යි.
මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ තිබූ නිරසම විවාදය ජාතික සභා විවාදය යි. හැමෝම මේක හොඳ වැඩක් බව හිතින් දන්නවා. හැබැයි ආණ්ඩුවේ යෝජනාවක් නිසා විපක්ෂයට කැමති වෙන්නත් බෑ. ව

තරුණ නියෝජනය

ජාතික සභාවෙන් සිදුවෙන වැදගත්ම කරුණ වයස 35 ට අඩු තරුණයින්ට පාර්ලිමේන්තුවේ කමිටු නිරීක්ෂණයට සහභාගිවීමට අවස්ථාව සැලසීමයි. ඔවුන්ට තම මතය සභාපතිවරයා හරහා කියන්නට අවස්ථාවක් ලැබෙනු ඇති.

රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදුවන්නේ අප කැමති වේගයෙන් නොවේ. අරගලයේ ආරම්භකයින්, මහමොළකරුවන් වූ සමාරම්භකයින් බහුතරයක් දැන් වයස අවුරුදු 35 ඉක්මවා ඇති නිසා ඔවුන්ට මේ අවස්ථාව නොලැබෙන බව ඇත්තකි. නමුත්, තරුණයින්ට ලැබෙන අවස්ථාව අත හැර නොදැමිය යුතුය.

නැතිනම් දේශපාලන පක්ෂ, වත්මන් දේශපාලනඥයින්ගේ ඥාතීන්, හිතවතුන්, ව්‍යාපාරික සඟයින් මේ තරුණ කෝටාවත් අපහරණය කරනු ඇත.

දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති තරුණයින් කාරක සභාවන්ට යාමට මාවත විවර විය යුතුය. ගෝල්ෆෙස් පිටියේ රාත්‍රිය නිදානොගත් අය මේ කමිටුවලට දැමිය යුතු නැතැයි ද සමහරු කියති.

තෝරාගැනීමේ නිර්ණායක කුමක් හෝ වේවා දැන් පනත සම්මත වී අවසන් ය. අවුරුදු 35 ට අඩු තරුණයින් ට පාර්ලිමේන්තු කමිටු සඳහා සම්බන්ධවීමට අවස්ථාව ලබා දිය යුතුය. දියන්නාවෙන් එළියට බලය ගෙන යා හැක්කේ එවිටය. නිර්මාණශීලි තාරුණ්‍යය දොරටු විවර වී ඇත. ප්‍ර යෝජනයක් ගැනීම තරුණයින්ට සතු ය.

මහින්ද අමරවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, සනත් නිශාන්ත පෙරේරා (ඔක්සිජන්), මොහාන් සිල්වා, සම්පත් අතුකෝරල, ප්‍රසන්න රණවීර, දේශපාලනය පටන් ගත්තේ නැතිනම් දේශපාලනයේ ඉහළට ගියේ තරුණ කෝටාවෙනි. ගමනක් යන්න කොතැනින් හෝ පටන් ගත යුතුය.

රජිත් කීර්ති තෙන්නකෝන්

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *