සුරක්ෂා රක්ෂණයත් කප්පාදුයි. දෙමව්පිය මරණයක දී වන්දි දෙන්නේ මාසික ආදායම රු. 15,000 ට අඩු පවුල්වල දරුවන්ට පමණලූ.

පාසල් දරුවන් වෙනුවෙන් නිර්මාණය කර තිබුණු සුරක්ෂා රක්ෂණාවරණයෙන් ලබා දී තිබුණු ඇතැම් ප‍්‍රතිලාභ මේ වන විට කප්පාදු කර ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ප‍්‍රතිලාභ කප්පාදුව පිළිබදව පාසල් දරුවන් හෝ දෙමව්පියන් දැනුවත් කර නොතිබීම හේතුවෙන් පාසල් දරුවන් සහ දෙමව්පියන් මහත් සේ අපහසුතාවට පත්ව තිබෙන බවද පුවත්පත පවසයි.

දෙමව්පිය අභාවයක දී සෑම පාසල් දරුවකුටම ලක්ෂ දෙකක වන්දියක් ලබා දීම මීට පෙර සිදු කළ ද මේ වන විට එම වන්දිය ලබා දෙන්නේ රුපියල් පහළොස් දහසකට වඩා අඩු මාසික වැටුපක් ලබන පවුල්වල දරුවන්ට පමණි.

එමෙන්ම බරපතල රෝගාබාධයක දී සීමාවකින් තොරව වන්දි ලබා දීමට යෝජනා වී තිබුණ ද මේ වන විට එම වන්දිය රුපියල් ලක්ෂ 15 දක්වා අඩු කර තිබේ.

පසුගිය වසරේ සිට මේ දක්වා සුරක්ෂා රක්ෂණයෙන් රක්ෂණ වන්දි ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පන්දහසකට වඩා වැඩි පිරිසක් බලා සිටින බවත් – ඔවුන්ට වන්දි ලබා දීමට අවශ්‍ය රුපියල් මිලියන 300 ක පමණ මුදල රජය මෙතෙක් නිදහස් කර නැති බව ද පැවසේ.

sunday times ඇසුරෙනි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *